
එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, නාවලපිටිය ඉඹුල්පිටිය වතුයායේ පදිංචිව සිටි යෝග මලර් නැමති 39 හැවිරිදි තිදරු මවකි.
ඝාතනයට ලක් වූ කාන්තාව සැකකරු සමග ගම්පොළ පුස්සැල්ලාව ප්‍රදේශයේ මාස 09ක පමණ කාලයක් එකට වාසය කර ඇති අතර, පසුව යළිත් සිය නිත්‍යානුකූල සැමියාගේ නිවසට පැමිණ ඇත.
එලෙස නිවසට පැමිණ සිටි අදාළ කාන්තාව වරින්වර සැකකරුට දුරකථන ඇමතුම් ලබාගෙන ඇති අතර, ගෘහසේවය සඳහා විදෙස්ගත වීමට සුදානමින් සිට තිබෙනවා.

කෙසේ වෙතත් විදෙස්ගත වීම සම්බන්ධයෙන් සැකකරුගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබූ බවයි පොලීසිය සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.
ඝාතනයට ලක්වූ කාන්තාව විදෙස්ගත වීමට ග්‍රාම සේවක සහතිකයක් ලබාගැනීමට ගිය අවස්ථාවේ දී සැකකරු දුරකථනයෙන් කතා කර පාලු නිවසකට පැමිණෙන ලෙස පවසා ඇති අතර, එහි ගිය පසු කාන්තාවගේ ගෙල කපා ඝාතනය කර තිබුණි.
මිය ගිය කාන්තාවගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති බව නාවලපිටිය පොලීසිය සඳහන් කළා.







