
එමෙන්ම වර්ෂ 1969 ජූලි 21ක මිනිසා පළමුව සඳ තරණය කළ අවස්ථාවේ සඳෙන් රැගෙන ආ පස් හා පාෂාණ සාම්පල් ශ්‍රී ලංකාවටද ලැබි ඇති බව ඇය කියා සිටියා.
ජනතාවට මේවා දැක බලා ගැනීමට හැකිවීම දුර්ලභ අවස්ථාවක් බවත් මහාචාර්ය චන්දන ජයරත්න මහතාගේ මග පෙන්වීමෙන් සඳ පිළිබඳ විස්තරාත්මක සහ ආකර්ෂණීය තොරතුරු ඇතුළත් විශේෂ මැදිරියක්ද ඉදිරි මාස දෙක තුනේදී සකසන බවත් කස්තුරිආරච්චි මහත්මිය කියා සිටියා.
සඳ ගමන පිළිබඳව සහ චන්ද්‍රයා පිළිබඳව ප්‍රදර්ශන කුටිය කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ අංශාධිපති සහ නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂිකා සනොජා කස්තුරිආරච්චි මහත්මියගේ මූලිකත්වයෙන් ඊයේ විවෘත කරනු ලැබුවා.








