පාසල්

ඊට හේතුව ලෙස ඇය පෙන්වා දෙන්නේ, ප්‍රතිසංස්කරණ යටතේ සිසුන් සඳහා වන ක්‍රියාකාරකම් වැඩි වී ඇති බැවින් ඒ සඳහා වැඩි කාලයක් අවශ්‍ය වන බවයි.

එමෙන්ම මුලින් පාසල් පැවැත්වීමේ කාලය පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා වෙනස් කිරීමට යෝජනා වී තිබුණත්, කාලය දීර්ඝ කිරීමේදී ඇතිවිය හැකි ගැටලු සලකා බලා පාසල් වේලාව පැය භාගයකින් පමණක් දීර්ඝ කිරීමට යෝජනා කර ඇති බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කරනවා.

මේ අතර මෙම පැය භාගයේ කාලසීමාව වැඩි කිරීමේදී ප්‍රවාහන අමාත්‍යාංශය ඇතුළු අදාළ සියලු සේවාවන් සමඟ සාකච්ඡා කර ඇති බවද ඇය කියා සිටියා.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙම අදහස් පළ කළේ, රූපවාහිනී නාලිකාව සමඟ පැවති සාකච්ඡාවකදීයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here