
ඇළෙහි ජල පහර සැර වැඩි වීම හේතුවෙන් ඔවුන් දෙපොළ ඇළ කණ්ඩිය මතින් ඇවිද පැමිණ ඇති අතර, දියසෙවළ සහිත ස්ථානයකින් තරුණයා ලිස්සා ගොස් ඇති අතර එම අවස්ථාවේ දී පෙම්වතිය ඔහුව බේරාගැනීමට අත දී ඇති අතර, දෙදෙනාම ඇළට වැටී ඇත.
අනතුරුව එම ස්ථානයෙන් ගිය මහියංණය පොලිස් පුහුණු පාසලේ නිලධාරියෙක් සහ ඔහුගේ බිරිඳ වහාම ඇළට පැන තරුණයාව බේරාගෙන ඇති අතර, තරුණිය සොයා ගැනීමට ඔවුන්ට හැකිවී නොමැත.
තරුණයාව බේරාගත් පොලිස් නිලධාරියාගේ බිරිඳ කියා සිටියේ මෙවැන්නක්,

“අපි දෙන්නා කඩේට ගිහින් එද්දි අංකල් කෙනෙක් කෑ ගහනවා ඇහුණා. අපි බලද්දි ඔළුවක් උඩ එනවා යට එනවා දක්කා. මම හස්බන්ඩ් කිව්වා කවුරු හරි යනවා කියලා. අපි දෙන්නා ත්‍රිවිල් එක නවත්තලා එහෙමම පැන්නා. අපිට පෙනුනේ පිරිමි ළමයා විතරයි. එයා ගොඩ එන්න ගොඩක් උත්සාහ කළා, ඒත් එන්න බැරි වුණා. මෙයා එතකොටම පැන්නා. මාත් වයර් රෝල අරන් පැන්නා. ඉක්මනට කොණ්ඩෙන් ඇදගෙන තමා ගොඩට ගෙනාවේ. එයාගේ ඇස් උඩගිහින් නමුත් සිහිය තිබුණා. මගේ අම්මා තමා එයාව ගොඩට ගෙනාවේ. හස්බ්න්ඩ් පැන්නා එයාට තනියම පනින්න දෙන්න බැරි නිසා වයර් එකත් අරන් මාත් පැන්නා. සමහරු ගිලෙද්දි බදා ගන්නවා. එහෙම වුණානම් මෙයාව බේරගන්න බැරිවෙන නිසා මාත් පැන්නේ. අපේ ගෙදර වයරින් කර කර හිටියේ. දිග රෝලක් අපි ඒකත් අරන් තමා මෙතනින් යන ගමන් හිටියේ. කොහොම හරි ගොඩට ගත්තාට පස්සේ කිව්වා ගෑනු ළමයත් ගියා කියලා. එතකොට අපි ගිහින් බැලුවා ඒත් අපිට බොඩි එක හොයා ගන්න බැරිවුණා.”
එලෙස දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ අවුරුදු 26ක් වූ රජරට විශ්වවිද්‍යාලයේ සිසුවියක් වන අතර ඇය හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර, ඇයව විශ්වවිද්‍යාලයෙන් රැගෙන නිවසට ඇරලීමට යන අතරමග ඔවුන් මෙම අනතුරට ලක්ව තිබෙනවා.
සිදුවීම සම්බන්ධයෙන් දිවි බේරාගත් තරුණයා මෙලෙස අදහස් දක්වනු ලැබුවා,
“දියසෙවළ තියෙනවා නේ මම ලිස්සලා ගිහින් වැටුණා. එයා අත දැම්මා. එතකොට දෙන්නත් එක්කම ඇළට වැටුණා. මම කසාද බඳින්න ඉන්න කෙනා එයා. එයාව කැම්පස් එකෙන් අරන් හම්බන්තොට ගෙදරට ඇරලවන්න තමා ආවේ.”







