බද්දක්

ඒ, අනුව අදාළ බදු ක්‍රමවේදය 2027 වර්ෂයේ පළමු කාර්තුවේ දී හඳුන්වාදීමට නියමිත බවයි වාර්තා වන්නේ.

IMF විසින් පසුගියදා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්කළ සිය කාර්ය මණ්ඩල වාර්තාව මඟින් මේ පිළිබඳව දැනුම් දී තිබෙනවා.

ඒ,අනුව මෙම නව දේපොළ බද්ද පැනවීමට අවශ්‍ය මූලික ක්‍රියාමාර්ග මේ වන විටත් ආරම්භ කර ඇති අතර දත්ත එක්රැස් කිරීමේ කටයුතුවල යම් ප්‍රමාදයක් පැවතිය ද සැප්තැම්බර් මාසය වන විට එම කටයුතු අවසන් වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙනවා.

මෙහිදී දේපොළ වටිනාකම තක්සේරු කිරීම සහ බදු ගණනය කිරීම සඳහා ඩිජිටල් දත්ත පද්ධතියක් නිර්මාණය කිරීමට නියමිත අතර 2026 වර්ෂය අවසන් වීමට පෙර ඊට අදාළ දත්ත සියල්ල සකස් කර අවසන් කළ යුතු බව ද අදාළ වාර්තාවේ සඳහන්.

එමෙන්ම 2027 වර්ෂයයේ දී මෙම නව බද්ද බලාත්මක කිරීම සඳහා දේපොළ බදුකරණ ක්‍රම පිළිබඳ සමගාමී සාක්ච්ඡා අත්‍යාවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් අවධාරණය කරනවා.

මේ අතර ඩිජිටල් සේවා සඳහා ඔක්තෝබර් මස 12 වන දින සිට සියයට 18ක වැට් බද්දක් පනවා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත පවසනවා.

ඔහු පවසන්නේ අදාළ බදු අය කිරීම 2025 අයවැය මඟින් සිදුකර ඇති යෝජනාවක් බවත්, අප්‍රේල් මස පළමුවන දින සිට ක්‍රියාත්මක කිරීමට තිබූ අදාළ බදු අයකිරීම ඔක්තෝබර් මස පළමුවන සින දක්වා කල් දමා ඇති බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here