කතරගම

ඒ, අනුව මෙම පැමිණිල්ල පසුගිය සිකුරාදා සවස රුහුණු කතරගම මහ දේවාලයේ පරිපාලන ලේකම් සනත් ඒකනායක විසින් කතරගම පොලිසිය වෙත ඉදිරිපත් කර ඇත.

එලෙස පරිපාලන ලේකම්වරයා විසින් පොලිසියට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලේ සඳහන් වන්නේ රුහුණු කතරගම මහ දේවාලයේ පඬුරු පෙට්ටි දොළහක් ඇති බවත්, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් සෑම මාස තුනකට වරක්ම එම පඬුරු පෙට්ටිවල ඇති මුදල් ගණනය කර දේවාලයේ ගිණුමට බැර කරන බවයි.

එමෙන්ම එම පැමිණිල්ලේ වැඩිදුරටත් දැක්වෙන්නේ, පෙරහර මාසය භාරව සිටින පිරිසක් විසින් මහ දේවාලයේ පිටුපස දොරටුව අසල පිහිටි පඬුරු පෙට්ටිය පිටුපසින් තැටියක් තබා බැතිමතුන්ගෙන් පඬුරු එකතු කරගන්නා අයුරු දුටු බැතිමතෙකු විසින් එම තොරතුර කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේ ඩීෂාන් වික්‍රමරත්න මහතා වෙත දැනුම් දී ඇති බවයි.

කෙසේ වෙතත්පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ, මෙම පැමිණිල්ල ලැබීමෙන් අනතුරුව දේවාලයේ සවිකර ඇති සී.සී.ටී.වී. කැමරා දර්ශන පරීක්ෂා කිරීමෙන් එහි සත්‍යතාව තහවුරු වූ පසුව පරිපාලන ලේකම්වරයා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි.

ඒ, අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලීමක් කරමින්, අදාළ සී.සී.ටී.වී. කැමරා දර්ශන ද පොලිසිය වෙත ඉදිරිපත් කර ඇති අතර ලැබී ඇති මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු වැඩිදුරටත් කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here