
එලෙස වසරක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කරන ලද ගුරු භවතුන්ට ගුරු දීමනාව හා නිල ඇඳුම් දීමනාව ඇතුළත් එක් දිමනාවක් ලෙස රුපියල් 7,500/- ක මුදලක් වර්ෂයකට එක් වතාවක් ගෙවීම පිණිස මෙසේ අනුමැතිය හිමිව ඇත.
එමෙන්ම මෙම තීරණය 2026 වර්ෂයේ සිට ඉදිරියට බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි හා කතෝලික ආගම්වලට අයත් ලියාපදිංචි දහම් පාසල්වල ක්‍රියාත්මක වනවා.
දහම් පාසල්වල සේවය කරන ගුරුභවතුන්ගේ සේවය අඛණ්ඩව ලබා ගැනීම සඳහා දිරි ගැන්වීම සහ ඔවුන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කිරීම මෙන්ම සමාජයේ යහ පැවැත්මට අත්‍යවශ්‍ය වන දහම් අධ්‍යාපනයේ අභිවෘද්ධිය පිණිස මෙම තීරණය ගෙන තිබෙනවා.








