වනඅලි

පොළොන්නරුව වනජීවී කලාපයේ වෙඩි වැදී රෝගී තත්ත්වයේ පසුවන හස්ථියා නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

දකුණු පාදයට වෙඩි වැදීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත් වූ මෙම හස්ථියා සඳහා ප්‍රතිකාර කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර ඇතාට අවශ්‍ය ආහාර පාන ලබා දීම හා අනෙකුත් පහසුකම් කලුන්දෑව වනජීවී ඒකකයේ නිලධාරීන් විසින් සිදු කරනු ලබනවා.

ඒ අනුව අද දිනයේ දී පෙර පැවති තත්ත්වයට වඩා රෝගී වූ හස්තියාට තම ඉදිරි පාදය තබමින් යම් සුළු චලනයක් සිදු කිරීමට හැකි වී ඇත.

එමෙන්ම හස්ථියාගේ ප්‍රතිකාර කටයුතු කඩිනම් කිරීම සඳහා සියලු පහසුකම් සලසන ලෙසත් ස්කෑන් පරීක්ෂණ, රුධිර සාම්පල් පරීක්ෂණ කඩිනම් කරන ලෙසත් පරිසර අමාත්‍යවරයා මෙහිදී වනජීවී දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here