පවතින අධික උෂ්ණත්වය තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාසල් ක්‍රියාකාරකම්වලදී ක්‍රියාකළ යුතු ආකාරය දැනුම්වත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කළ නිර්දේශ පදනම් කරගනිමින් අධ්‍යාපන ආමාත්‍යාංශය විසින් සියලු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත නිර්දේශ ඇතුලත් ලිපියක් යොමුකර තිබෙනවා.

එහිදී, අධික උෂ්ණත්වය සහිත දිනවල සිසුන් එළි මහනේ ක්‍රීඩා පිටියේ ක්‍රියාකාරකම් වල යෙදීමෙන් වැලැක්විය යුතුය.

පාසල් විවේක කාලයේ දී දැඩි හිරු එළිය සහිත එළිමහනේ ගත කිරීම හා ක්‍රීඩා කිරීමෙන් වලක්වා ගත යුතුය.

වැඩිපුර ජලය පානය හා වෙහෙස නිවා ගැනීම සඳහා කෙටි විවේක කාල දෙකක් ලබා දීම වඩාත් සුදුසු වේ.

දහවල් අධික උෂ්ණත්වය සහිත කාලයේ දී අත්‍යවශ්‍ය නොවන අවස්ථාවල දී සිසුන් පිටතට ගෙනයාමෙන් වලක්වා ගැනීම (පාසලේ දී මෙන්ම නිවසේ දී).

ප්‍රාදේශීය මට්ටමින් පවතින උෂ්ණත්වය/ කාළගුණ තත්ත්වයන් සලකා බලා නිවාසාන්තර ක්‍රීඩා තරඟ හා පුහුණුවීම් කටයුතු සැලසුම් කිරීම වඩාත් සුදුසු යනුවෙන් නිර්දේශයන් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්,

source :- https://tinyurl.com/39x8k33t

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here