
අද පෙරවරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය තුළ පාතාල කල්ලි නායකයකු බව කියන ගනේමුල්ල සංජීව නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සිදුකරන විමර්ශන සඳහා අවශ්‍ය කරන සියලු සීසීටීවී දර්ශන පොලිසිය වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (19) එහි රෙජිස්ටර්වරයාට නියම කළා.
මෙම සිද්ධියට අදාළව කෙසෙල්වත්ත පොලිසිය විසින් දහවල් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ඉදිරියේ කරුණු වාර්තා කළා.
කෙසෙල් වත්ත පොලිසියේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම අපරාධය සිදුවූ විගසම ඊට අදාළ විමර්ශන කටයුතු ආරම්භ කළ බව පැවසුවා.

අධිකරණ නිලධාරීන් ඇතුළු සෙසු පුද්ගලයින්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුවන බවත් ඉදිරි විමර්ශන කටයුතු සඳහා සීසීටීවී දර්ශන ලබා ගැනීමට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම ඉල්ලීම පිළිගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විමර්ශන කටයුතු සඳහා පොලිසියට අවශ්‍ය කරන සීසීවී දර්ශන මුදා හැරීමට පියවර ගන්නා ලෙස අධිකරණයේ ලේඛකාධිකාරියට නියම කළා







