
පුද්ගලයෙකු පැහැරගෙන ගොස් රුපියල් 8,478,000ක මුදලක් කොල්ලකෑමේ සිදුවීමකට අදාල සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම අපරාධය සම්බන්ධව යාපනය පොලිස් ස්ථානය විසින් විමර්ශන සිදු කර කොල්ලකෑමට අදාල සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් මෙම මස 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කළා.
ඒ අනුව මෙම කොල්ලකෑම මෙහෙයවන ලද බවට සැක කරන ප්‍රධාන සැකකරු මෙසේ අද උදෑසන කටුනායක ගුවන්තොටුපලින් ඩුබායි බලා පිටත්ව යාමට ගුවන් තොටුපලට පැමිණි සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපල ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 27 ක් වූ යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා යාපනය පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත අද දින භාර දීමට නියමිතයි.
source :- https://tinyurl.com/4e56ap22







