ඉන්දියාවේ බැංගලෝර් නගරයයේ පදිංචි 15 හැවිරිදි දැරියක් ඇය ජීවත් වූ මහල් නිවාස සංකීර්ණයේ 20 වැනි මහලෙන් පැන සියදිවි නසා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙසේ මියගොස් ඇත්තේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ අවන්තිකා චෞරේෂියා නමැති දැරියක්.

ඇය පෞද්ගලික පාසලක ඉගෙනුම ලබමින් සිට ඇති අතර, පෙර පැවති විභාගයකදී අඩු ලකුණු ලබා ගෙන ඇති බවටයි මාධ්‍ය වාර්තා කරන්නේ.

එම නිසා පෙබරවාරි 15 වැනිදා වාර්ෂික විභාග ආරම්භ වීමට නියමිත බැවින්, දැරිය ඇයගේ ජංගම දුරකථනය සමග කාලය ගත කරමින් සිටින බව නිරීක්ෂණය කිරීමෙන් පසු දැරියගේ මව එයට විරෝධය පළ කර තිබෙනවා.

මෙයින් කෝපයට පත් දැරිය මහල් නිවාසයේ 20 වැනි මහලෙන් පැන සියදිවි නසාගෙන ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් මාපියන්ගෙන් නිල ප්‍රකාශ තවමත් සටහන් කර නොමැති අතර, නඩුව සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු තවමත් නිකුත් කර නොමැත.

source :- https://tinyurl.com/2jubys9r

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here