
අම්බලන්තොට – රිදියගම සෆාරී උද්‍යානයේ මාස තුනක් වයසැති සිංහ පැටවුන් හය දෙනාට නම් තැබී ම අද සිදු කෙරුණා.
එම සිංහ පැටවුන්ට නම් තැබිම සදහා ඉදිරිපත් වූ නම් 4000 ක් අතුරින් තෝරාගත් නම් හයක් තැබීම පෙරවරුවේ සිදු කෙරුනේ සත්වොද්‍යාන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආර්.සි රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.
ඒ අනුව පිරිමි සිංහ පැටියාට මේඝා යනුවෙන්ද, ගැහැණු සිංහ පැටවුන් පස් දෙනාට ටාරා, අඝ්‍රා, භූමි, අකීරා, සහ එල්සා යනුවෙන් නම් තැබීමටයි කටයුතු කර ඇත්තේ.

එම නම් යෝජනා කළ අයගෙන් තුන්දෙනෙකු එම අවස්ථාවට එක්ව සිටි අතර ඔවුන්ට තිලිණ ප්‍රදානයක්ද සිදු කර තිබෙනවා.
source :- https://tinyurl.com/2bm6yfdy







