සංචාරක ඔස්ට්‍රෙලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ, පළමු තරගයේ කාසිය වාසිය දිනා පළමුව පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 214ක් රැස් කළා.

එහි දී ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලු 5 ලකුණු 55ක් තුළ දැවී ගියා.

ඒ අනුව ආරම්භක පිතිකරුවන් වූ පැතුම් නිස්සංක සහ අවිශ්ක ප්‍රනාන්දු පිළිවෙලින් ලකුණු 4කට සහ 1කටයි දැවී ගියේ.

අනතුරුව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් ලකුණු 19කට දැවී ගිය අතර කමිඳු මෙන්ඩිස්ට ලබා ගත හැකි වූයේ ලකුණු 5ක් පමණයි.

කඩා වැටෙමින් තිබූ ශ්‍රී ලංකා ඉනිමට යම් සවියක් වන්නට නායක චරිත් අසලංක හා එක් වූ ජනිත් ලියනගේ උත්සහයක් දැරුවද ඔහු ලකුණු 11ක් ලබා සිටියදී දැවී ගියා.

අනතුරුව චරිත් හා එක් වූ යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ හයේ පහර එකක් හා හතරේ පහර 2ක් සමග ලකුණු 30ක් රැස් කළා.

පිටියේ හුදකලා සටනක නිරත වූ නායක චරිත් අසලංක පන්දු 127ක් දී හතරේ පහර 14ක් සහ හයේ පහර 5ක් සමගින් වටිනා ලකුණු 126ක් වාර්තා කළා.

චරිත්ගේ ඉනිමට අනගි සහයෝගයක් දැක් වූ නවවැනි පිතිකරු එශාන් මාලිංග පන්දු 26ක් කඩුල්ලේ රැඳී සිටියේ එක් ලකුණක් පමණක් ලබා ගනිමින්.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වනිඳු හසරංග ලකුණු 7ක් සහ මහීෂ් තීක්ෂණ ලකුණු 2ක් ලබා ගත්තා.

අසිත ප්‍රනාන්දු ලකුණු 0යි.

පන්දු යැවීමේ දී සීන් ඇබොට් කඩුලු 3ක් දවා ගත්තා.

source :- https://tinyurl.com/n2bt8jju

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here