
මෑතකදී කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සැත්කමක් සඳහා ඇතුළත් කෙරුණු තුන් හැවිරිදි දරුවකුගේ වකුගඩුවක් ඉවත් කිරීමේ සිද්ධියට අදාළ නඩුකරය ලබන 25 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
මෙම නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී මෙම දරුවාට සැත්කම සිදුකළ බව කියන මේ වන විට විදේශගත වී සිටින වෛද්‍ය නවීන් විජේකෝන්ගේ ප්‍රකාශයද අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

ඉන් අනතුරුව මෙම දරුවාගේ මරණයට අදාළ තීන්දුව ප්‍රකාශ කිරීම ලබන 25 වැනිදා දක්වා කල් තැබීමටද මහේස්ත්‍රාත්වරයා නියම කළා.
source :- https://tinyurl.com/59ezb582







