රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කරමින් අවශ්‍යතා, ප්‍රමුඛතා හා කාලරාමු හඳුනාගෙන ඒ සඳහා අත්‍යවශ්‍ය බඳවා ගැනීම් ප්‍රමාණය හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව, 7,456ක පිරිසක් රාජ්‍ය සේවය සඳහා බඳවා ගැනීමට නියමිතයි.

මේ සඳහා අවශ්‍ය පියවර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරි කමිටුවක් පත් කිරීමට ඉකුත් දෙසැම්බර් 30 වැනිදා පැවති රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණා.

එම කමිටුව වෙත ඒ ඒ අමාත්‍යාංශ විසින් එම අමාත්‍යාංශ යටතේ පවතින දෙපාර්තමේන්තු සහ අනෙකුත් ආයතනවල පවතින තනතුරු පුරප්පාඩු නම්කර තිබෙනවා.

ඒ අනූව එම පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන කමිටුව විසින් ඉදිරිපත් කරන ලද බඳවා ගැනීම් සිදු කිරීමට නියමිතයි.

මේ සඳහා අදාළ අමාත්‍යාංශ සහ ආයතන වෙත අනුමැතිය ලබා දීම පිණිස අග්‍රාමාත්‍යතුමිය විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී තිබෙනවා.

No description available.

source :- https://tinyurl.com/ykwphmw9

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here