
ඉන්දියාවේ – චත්තිස්ගාර් ප්‍රාන්තයේ කැලෑබද ප්‍රදේශවලදී ඉන්දීය ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් මාඕවාදී කැරලිකරුවන් 31 දෙනෙකු මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එහිදී ඇති වූ වෙඩි හුවමාරු වලදී ඉන්දීය කොමාන්ඩෝ භටයින් දෙදෙනෙකු මියගොස් ඇති බවයි.
කැරලිකරුවන් සතුව තිබූ අවි ආයුධ කිහිපයක් ද ඉන්දීය ආරක්ෂක අංශ භාරයට ගෙන තිබෙනවා.

දුප්පතුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බව පවසමින් වසර ගණනාවක් සටන් වදින මාඕවාදීන්ගේ කැරැල්ල ලබන වසරේදී අවසන් කිරීමට අපේක්ෂ කරන බවයි ඉන්දීය අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අමිත් ෂා ප්‍රකාශ කර ඇත්තේ.
source :- https://tinyurl.com/3emmwwh7








