2025 වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එහි සභාපතිවරයා මේ බව පැවසුවේ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින්.

මෙහිදි කාර්යාංශයේ සාමාන්‍යාධිකාරීවරයා කියා සිටියේ 2025 වර්ෂයේදී විදේශ රැකියා මගින් අමෙරිකානු ඩොලර් බිලියන 7ක විගමණික ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයක් බලාපොරොත්තු වන බවයි.

පසුගිය 2024 වසරේ ලාංකිකයින් 314,000ක් පමණ රැකියා සඳහා විදේශ ගතවී තිබෙනවා.

ඒ හේතුවෙන් පසුගිය වර්ෂයේදී අමෙරිකානු ඩොලර් බිලියන 6.51ක් විගමණික ශ්‍රමික ප්‍රේෂණ වශයෙන් ලැබී තිබෙනවා.

ගිය වසරේදී විදේශ රැකියා සඳහා යොමුවූ ශ්‍රමිකයින් අතුරින් වෘත්තිමය රැකියා සඳහා 65%ක් ගොස් තිබෙනවා.

මේ අනූව අවම වෘත්තිමය රැකියා සඳහා 35%ක ප්‍රමාණයක් පිටත්ව ගොස් තිබෙන බවයි සාමාන්‍යාධිකාරිවරයා පෙන්වා දුන්නේ.

2025 වර්ෂයේදී වෘත්තිමය රැකියා සඳහා ශ්‍රමිකයින් 75%ක් හා අවම වෘත්තිමය රැකියා සඳහා 25%ක පිරිසක් යොමුකිරිමටයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේ සැලසුම වන්නේ.

මේ අතර කුවේට් රාජ්‍යයට 84,000ක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට 55,000ක් සෞදි රාජ්‍යයේ රැකියාවට 52,000ක් යොමුකිරිමට අදහසක් පවතිනවා.

මීට අමතරව කාර්යාංශය මගින් සෘජුවම රැකියා සඳහා යොමුකරන ඊශ්‍රායල් රැකියා 15,900, ජපානයේ රැකියා 9,000ක්, දකුණු කොරියාව සඳහා ශ්‍රමිකයින් 8,000ක් යොමුකිරිමට කාර්යාංශය සැලසුම් කර තිබෙන බවද මෙහිදී අනාවරණය වුණා.

source :- https://tinyurl.com/2f9fjx84

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here