හතර දෙනෙකුට මරු කැඳවමින් කුරුණෑගල – තෝරයාය ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරට හේතුව අධික වේගයෙන් එක් බස් රථයක් ධාවනය කිරීම බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග ප්‍රකාශ කළා.

මාදුරුඔය සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයේ අධික වේගය හේතුවෙන් පාලනය කර ගත නොහැකිව නවතා තිබූ මගී ප්‍රවාහන බස්රථයේ ගැටී ඇති බවයි ඔහු කියා සිටියේ.

මෙලෙස නවතා තිබී ඇත්තේ කඳුරුවෙල සිට කුරුණෑගල අතර ධාවනය වන බස්රථයක්.

අද (10) අලුයම සිදුවූ මෙම අනතුරින් කාන්තාවක් ඇතුලු 04 දෙනෙකු මිය ගියා.

සිද්ධියෙන් තුවාල ලැබූ 28 දෙනෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණූ අතර, ඔවුන්ගෙන් තුන්දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මියගිය අයගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.

source :- https://tinyurl.com/4xv5wrm9

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here