
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි රාජ්‍ය නිවේදිත නිලධාරීන් තිදෙනෙකුගේ ස්ථාන මාරුවීම් පෙබරවාරි 12 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරනවා.
ඒ අනුව, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.වී.ඩී.ඒ.ජේ කරවිට – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රජා පොලිස් සංචාරක හා ආයෝජන තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ හා මූල්‍ය අපරාධ විමර්ශන ලෙසත්,
රාජකාරි ඉටු කිරීම නියෝජ්‍ය පොලිස්පති පී. ලියනගේ – බස්නාහිර පළාත (රථ වාහන) දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීමේ සිට, බස්නාහිර (උතුර) දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහාත්, (වහාම ක්‍රියාත්මක වන පරිදි)

රාජකාරී ඉටු කිරීම නියෝජ්‍ය පොලිස්පති එම්.ඩී.පී. දයාරත්න – රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීමේ සිට, මූල්‍ය අපරාධ විමර්ශන දිසාවේ රාජකාරි ඉටු කිරීම සදහාත් ස්ථාන මරු කිරීම් සිදුකර තිබෙනවා.
මෙයට අමතරව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් විශේෂ රාජකාරි පදනම යටතේ 2025.02.12 වන දින සිට, නියෝජ්‍ය පොලිස්පති කෑගල්ල දිසාවට අමතරව රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ආවරණය කිරීම සදහා නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වයි. සෙනෙවිරත්න පත් කර තිබෙනවා.
source :- https://tinyurl.com/mscwhudb







