දකුණු මෙක්සිකෝවේ – එස්කාර්සෙගා නගරයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 41 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මාර්ගයේ ගමන් කරමින් සිටියදී බස් රථය, තවත් ට්‍රක් රථයක ගැටීමෙන් පසු ඇති වූ ගින්නෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුර සිදු වන අවස්ථාවේ බස් රථය තුළ මගීන් 48 දෙනෙකු සිට ඇති බව සඳහන්.

කෙසේ වෙතත් අනතුරින් මියගිය පිරිසගේ අනන්‍යතාවයන් හදුනාගැනීම සහ අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ එරට බලධාරීන් තවමත් සිදුකරමින් පවතින බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

source :- https://tinyurl.com/3urvhwu7

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here