රාගම පොලිස් වසමේ තලගොල්ල ප්‍රදේශයේ නිවසක ඊයේ (05) සවස් කාලයේ දී කාන්තාවකගේ ගෙල කපා ගිනි තබා ඝාතනය කර ඇති බව රාගම පොලිසිය සඳහන් කරනවා.

මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 76ක් වූ තලගොල්ල, රාගම ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

මරණකාරිය ඇයගේ ස්වාමි පුරුෂයා සමග නිවසේ පදිංචිව සිට ඇති අතර, ස්වාමි පුරුෂයා සිද්ධිය වන අවස්ථාවේදී රැකියාව සඳහා නිවසින් පිටව ගොස් තිබෙනවා.

පසුව නැවත නිවසට පැමිණි ස්වාමි පුරුෂයා මරණකාරිය පිළිබඳව සොයා බැලීමේදී ඇයව ඝාතනය කර ඇති බවටයි නිරීක්ෂණය වී ඇත්තේ.

මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා රාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

source :- https://tinyurl.com/42zw5anh

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here