ඇප මත නිදහස්ව සිටි පොලිස් ස්ථානාධිපතිවරු තුන්දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 4 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට වැඩබලන පොලිස්පතිවරයා ඊයේ පියවර ගත්තා.

ඒ, දිල්ෂාන් මධුසංඛ නම් තරුණයකු අත්අඩංගුවට ගෙන දින 6කට ආසන්න කාලයක් තිස්සේ රඳවා තබා ගනිමින් වධහිංසා පැමිණවීමේ සිද්ධිය සම්බන්ධයෙන්.

මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ, වීරකැටිය පොලිස් ස්ථානාධිපතිවරයා, තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතවරයා, කඹුරුපිටිය විවිධ පැමිණි අංශයේ ස්ථානාධිපතිවරයා සහ ගල්කිස්ස පොලිසියේ සැරයන්වරයෙක්.

මෙම පොලිස් නිලධාරීන් හතරදෙනා රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මාතර මහාධිකරණය පසුගිය ජනවාරි මස 27 වැනිදා නියෝග කර තිබුණා.

මාතර මාලිම්බඩ පොලිසියේ සේවය කරමින් සිටියදී දිල්ෂාන් මධුසංඛ නම් තරුණයකු අත්අඩංගුවට ගෙන දින හයකට ආසන්න කාලයක් තිස්සේ රඳවා තබා ගනිමින් වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය කළ විමර්ශනයකින් පසු නීතිපතිවරයා මෙම නිලධාරීන්ට අධිචෝදනා ගොනු කරනු ලැබුවා.

එම නඩුව සම්බන්ධයෙන් වැඩිදුර කැඳවීම මේ මස 27 වැනිදා සිදු කරනු ඇති.

source :-  https://tinyurl.com/3hbcax7t

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here