දිමුත් කරුණාරත්න ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නේ ඔහුගේ හොඳම කාලයේදී බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා.

සිය ෆේස්බුක් ගිණුමට වීඩියෝවක් එක් කරමින් ඔහු ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලා සිටින්නේ, දිමුත් කරුණාරත්න ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියාවට එරෙහි හෙට ආරම්භ වන අවසන් ටෙස්ට් තරගය නැරඹිම සදහා ගාල්ල ක්‍රීඩාංගනයට පැමිණෙන ලෙසයි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගය ඔහු සහභාගී වන සියවන ටෙස්ට් තරගය වීම ද විශේෂත්වයක්.

2012 වසරේ දී සිය ටෙස්ට් දිවිය ආරම්භ කළ දිමුත් කරුණාරත්න, ටෙස්ට් ශතක 15ක් සහ අර්ධ ශතක 34ක් ලබාගෙන තිබෙනවා.

source :- https://tinyurl.com/y5z2xhda

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here