බණ්ඩාරනායක ගුවන්තොටුපළේ ගුවන්යානා තෙල් සැපයුම් පර්යන්තයේ ධාරිතාව හා පහසුකම් වැඩිදියුණු කර විශාල විදෙස් විනිමයක් මෙරටට ගෙනෙන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි පවසනවා.

ලාභ ලබන රාජ්‍ය ආයතන තවදුරටත් රජය යටතේ පවත්වා ගෙන යාමේ රජයේ වැඩපිළිවෙල නිසාම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයේ පිහිටි ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් ගුවන්යානා තෙල් සැපයුම් පර්යන්තය හරහා අති විශාල විදෙස් විනිමය ප්‍රමාණයක් රටට ලැබෙන බවයි ඔහු පවසන්නේ.

අමාත්‍යවරයා මේ බව් පැවසුවේ එම පර්යන්තයේ කටයුතු නිරීක්ෂණය කිරීමේ චාරිකාවකට එක්වෙමින්.

මෙම ගුවන් යානා තෙල් බෙදා හැරීම හරහා රටට ලැබෙන විශාල විනිමය ප්‍රමාණය අහිමි කරමින් තවත් විදේශ සමාගම් දෙකකටද අවසර ලබාදීමට පෙර පැවති රජය සැළසුම් කළත් නව රජය එම සැලසුම් පරාජය කළ බවයි ඇමතිවරයා පැවසුවේ.

වැඩි දුරටත් කරුණු දැක් වූ අමාත්‍යවරයා, ගුවන්යානා සඳහා තෙල් නිකුත් කිරීමේදී ජාත්‍යන්තරව පිළිගත් ඉහළම තත්ත්ව පාලන ක්‍රමවේද භාවිතා කරන බවත් තෙල් ගබඩා ධාරිතාව ලීටර් මිලියන 13 ක් පමණ දක්වා වැඩි කරන්නට කටයුතු කර ඇති බවත් පවසනවා.

ඉන්ධන නල පද්ධතියද වැඩි දියුණු කර බණ්ඩාරනායක ගුවන්තොටුපළේ ඉදිරි වසර 20කදී අවශ්‍ය වන නවීකරණ අවශ්‍යතාවලට ගැලපෙන අයුරින් සිදුකිරීමට මූලික අඩිතාලම දමා අවසාන බවයි ඔහු පවසන්නේ.

මුතුරාජවෙල සිට ඉදිකෙරෙන විශේෂ නල පද්ධතියක් හරහා මෙම පර්යන්තය වෙත ඉන්ධන රැගෙන ඒමේ සැලසුමක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

source :- https://tinyurl.com/3ez2jx27

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here