වවුනියාව, මහරම්බකුලම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික සමාගමකට අයත් දුරකථන කුලුණකින් ඇද වැටී පුද්ගලයෙකු ඊයේ (02) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, සුදේශ් චතුරංග නමැති නිකවැරටිය, මහගරිල්ල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙක්.

එම දුරකථන සමාගමේ සේවකයෙකු වන ඔහු මෙම දුරකථන කුළුණෙහි නඩත්තු කටයුත්තක් සිදුකරමින් සිටියදී බිමට ඇද වැටී තිබෙනවා.

අනතුරුව එම ස්ථානයේ සිටි පිරිස ඔහුව කඩිනමින් රෝහල්ගත කළද, එම අවස්ථාව වනවිටද ඔහු ජීවිතක්ෂයට පත්ව සිට තිබෙනවා.

source :- https://tinyurl.com/mr3ard54

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here