ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ජාලයක් වන ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ මෙරට පළමු සභාපතිත්වය හෙඹවූ දේශමාන්‍ය කන්දයියා කෙන් බාලේන්ද්‍ර අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 85ක්.

1940 වර්ෂයේදී උපන් ඔහු මෙරට සහ කලාපයේ ආයතනික තනතුරු රාශියක් දරා තිබෙනවා.

ඒ අතර, දිවයිනේ විශාලතම සමූහ ව්‍යාපාරය වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගමේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා ලෙසත්, බ්‍රැන්ඩ්ක්ස් ලංකා සමාගමේ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය සංවර්ධන සංස්ථාවේ දකුණු ආසියානු කලාපීය අරමුදලේ සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබෙනවා.

source :- https://tinyurl.com/4ax5xpkh

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here