
යුද හමුදාවට හා පොලිසියට අයත් නිල ඇඳුම් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග පාතාල කල්ලි සාමාජිකයෙකු වන ‘රන්කැටියා’ යන අයගේ සමීපතමයෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට මහබාගේ පොලිසිය සමත්ව තිබෙනවා.
එහිදී පොලිසිය ලැබුණු තොරතුරක් මත ඇලපිටිවල, මඟුල්පොකුණ හා හොරපේ යන ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත් අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී යුද හමුදා සහ පොලිස් නිල ඇඳුම්, මාංචු කුට්ටමක්, ව්‍යාජ පිස්තෝල අවියක්, අඟල් 32 දිග ඇත් දළ 02 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එමෙන්ම සැකකරුවන් දෙදෙනෙකු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12යි මිලිග්රැම් 780ක ප්‍රමාණයක්ද හමුව තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28, 29 හා 39 වයස්වල පසුවන රාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.
source :- https://tinyurl.com/3vvpv4jk







