බදුල්ල – ඌව පරණගම ගලහගමදී සිදු වූ ඝාතනයකට වසර 20 කට පසු විත්තිකරුවන් 11 දෙනෙකුට මරණ දඩුවම් හිමිව තිබෙනවා.

2004 වසරේ මැයි මාසයේ සිදුවූ මෙම ඝාතනයේ නඩු තීන්දුව අද (31) බදුල්ල මහාධිකරණයේදී ප්‍රකාශයට පත් කළා.

එවක 23 හැවිරිදි තරුණයෙකු ඝාතනයට ලක්ව තිබූ අතර සැකකරුවන් 13 දෙනෙකුට එරෙහිව ඊට අදාළව නඩු පවරනු ලැබුවා.

එහිදී සිද්ධියේ පළමු විත්තිකරු නිදොස් කොට නිදහස් කෙරුණු අතර, නඩුවේ 07 වන විත්තිකරු මියගොස් ඇති බවටද අධිකරණයේදී අනාවරණය වුණා.

එහි 12 වන විත්තිකරු විදේශගතව සිටින බවටයි නඩු විභාගයේදී හෙළිවී ඇත්තේ.

source :- https://tinyurl.com/5nmj7nb8

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here