
රජය වී සදහා සහතික මිලක් නියම නොකරන්නේ, සහල් පාලන මිල ඉහළ යනු ඇතැයි බියෙන් බව හිටපු කෘෂිකර්ම අධ්යක්ෂ කේ.බී ගුණරත්න ප්‍රකාශ කළා.
මේ දිනවල වී මහකන්නයේ වී අස්වැන්නෙන් සියයට 35 ක් කපා අවසන් පසුබමික රජය වී වලට සහතික මිලක් ලබා දීමට අසමත් වී ඇති බවටයි ගොවීන් චෝදනා කරන්නේ.
ඒ අනුව, ගොවීන් රුපියල් 80ත් 90ත් අතර මිලකට එම වී පුද්ගලික වී මෝල් හිමියන් වෙත අලෙවි කරනවා.

මේ අතර කන්තලේ ප්‍රදේශයේද මේ දිනවල වී අස්වනු නෙලීම ආරම්භ වී ඇති අතර කන්තලේ ජයන්තිපුර ප්‍රදේශයේ වී අස්වනු මිලදී ගැනීමද සිදුවන්නේ වී කිලොවක් රුපියල් 100කටත් අඩු මුදලකට බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.
පරාක්‍රම සමුද්‍රයේ ගොවි සංවිධානයේ සභාපති ජගත් අමරකීර්ති ද පැවසුවේ වී සදහා නිශ්චිත මිලක් කඩිනමින් පැනවිය යුතු බවයි.
වීවලට සහතික මිලක් ලබා දීමට ආණ්ඩුවට නුවණ පෑදේවායි ඉල්ලමින් අනුරාධපුර පුල්ලෙයාර් කෝවිලේදී පොල් ගැසීමක් ද සිදු කෙරුණා.
මේ අතර හිටපු කෘෂිකර්ම අධ්යක්ෂ කේ.බී ගුණරත්න පැවසුවේ රජය වීවලට සහතික මිලක් නියම නොකරන්නේ සහල් පාලන මිල ඉහළ යතැයි බියෙන් බවයි.
එමෙන්ම මේ දිනවල අස්වැන්න ලැබෙමින් පවතින නිසා නාඩු සහ කැකුළු සහල් පාලන මිලට ලබා දිය හැකි බව මරදගහමුල සහල් මෝල් හිමියන් පවසනවා.
source :- https://tinyurl.com/4axne95m







