පුස්සැල්ලාව පොලිස් වසමේ කළුගලවත්ත ප්‍රදේශයේ තේ වත්තක වැඩ කරමින් සිටි පුද්ගලයෙකුට ඊයේ (30) බඹරු දෂ්ඨ කිරීම හේතුවෙන් තුවාල ලබා වහුගපිටිය රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පුස්සැල්ලාව පොලිසිය සඳහන් කරනවා.

මරණකරු වයස අවුරුදු 52ක් වූ කළුගලවත්ත, පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු බඹර ප්‍රහාරයට ලක් වූ අවස්ථාවේ නිවසට දිව ගොස් ඇති අතර, නිවසේ සිටි කාන්තාවකටද බඹරු දෂ්ඨ කිරීම හේතුවෙන් වහුගපිටිය රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබයි.

source :- https://tinyurl.com/4f3njnjs

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here