
කොළඹ වරායේ බහාලුම් නිෂ්කාශනයට මතුව ඇති බාධා ඉවත් කිරීම සඳහා මෙරට ප්රමුඛ පෙළේ වානිජ මණ්ඩල හා සංගම් 29ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඔවුන් ඒ සඳහා කෙටිකාලීන යෝජනා 6ක් සහ මධ්‍යකාලීන යෝජනා 5ක් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙටිකාලීනව ගත යුතු පියවර ඉදිරි සතිදෙක ඇතුළත හා මධ්‍ය කාලීනව ගත යුතු පියවර ඉදිරි සති 3-6 කාලය ඇතුළත ක්‍රියාවට නංවන ලෙසයි ඔවුන් රජයෙන් ඉල්ලීම් කර ඇත්තේ.

ප්‍රමාද වූ කාර්යයන් විසඳීම සඳහා ස්කෑන් කිරීමේ සහ පිරික්සුම් පද්ධති ඉක්මනින් ක්‍රියාත්මක කිරීම, Green Channel පුළුල් කිරීම සඳහා ආනයනකරුවන් පිළිබඳ පවතින දත්ත උපයෝගී කර ගැනීම කෙටි කාලීන යෝජනාවලට ඇතුලත්.
එමෙන්ම බලයලත් ආර්ථික ක්‍රියාකරුවන් (AEO) සහ රේගු ආර්ථික ක්‍රියාකරුවන් (CEO) සඳහා කඩිනම් අනුමැතිය ලබා දීම, අවදානම් කළමනාකරණ ක්‍රියාවලීන් පුළුල් කිරීම, කඩිනම් නිෂ්කාශන කමිටුව නැවත කැඳවීම සහ යම් කාලයක් සඳහා හෝ රේගු කාලය වැඩිකිරීම හෝ කාර්ය මණ්ඩලය ඉහළ දැමීම ද ඔවුන් හදුන්වා දුන් කෙටි කාලීන යෝජනා වෙනවා.
source :- https://tinyurl.com/mtcfseea







