
අමෙරිකාවේ සෙනෙට් සභිකයින් පැනමා ඇළ කෙරෙහි ඇති චීන බලපෑම පිළිබඳව තියුණු ලෙස විශ්ලේෂණය කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, උපායමාර්ගික ජල මාර්ගයේ පාලනය නැවත ලබා ගැනීම සඳහා වැඩිදියුණු කළ වෙළඳ හවුල්කාරිත්වයේ සිට හමුදා මැදිහත්වීම දක්වා ඔවුන් විසඳුම් යෝජනා කරමින් සිටින බවයි.
ඇළ මාර්ගය සම්බන්ධයෙන් චීනය අනවශ්‍ය පාලනයක් ලබාගෙන ඇති බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශයන් පසුව සෙනෙට් වානිජ, විද්‍යා සහ ප්‍රවාහන කමිටුව මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් කර තිබුණා.

ගිවිසුමක් යටතේ අමෙරිකාව එහි අයිතිය 1999 දී පැනමාවට ලබා දී ඇති අතර ට්‍රම්ප් තර්ක කර ඇත්තේ පැනමාව චීන වාණිජ ක්‍රියාකාරකම් වැඩි කිරීමට අවසර දීම, ඇළෙහි මධ්‍යස්ථ ගිවිසුම උල්ලංඝනය කරන බවයි.
“මේ විභාගයේ ආරම්භයයි. ජනාධිපති ට්‍රම්ප් මෙම ප්රශ්නය මතු කළේය. ජනාධිපතිතුමා මේ ගැන කතා කරනකල් කවුරුත් කතා කළේ නැහැ. මම හිතන්නේ එය ඇමරිකානු අවශ්‍යතාවලට ගැඹුරින් බලපාන දෙයක්. එය අපගේ ජාතික ආරක්ෂක අවශ්‍යතා සහ අපගේ ආර්ථික අවශ්‍යතා කෙරෙහි බලපාන අතර, අපි ගිවිසුම දැඩි ලෙස බලාත්මක කළ යුතුය, ” සෙනට් මණ්ඩලයේ රිපබ්ලිකන් සමාජික ටෙඩ් කෲස් එහි දී පවසා තිබෙනවා.








