
පසුගිය16 වැනිදා මන්නාරම මහේස්ත්රාත් අධිකරණය ආසන්නයේදී, යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලැබීමේ අපරාධයට සම්බන්ධ සැකකරුවෙකු මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (28) දහවල් කාලයේදී මන්නාරම නගරයේදී අත්අඩංගුවට ගෙන මන්නාරම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 24ක් වන පේසාලේ ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මන්නාරම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

source :- https://tinyurl.com/434zdtjd







