ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රෙලියාව අතර පැවැත්වෙන වෝන් – මුරලි කුසලාන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ඔස්ට්‍රෙලියාව වෙනුවෙන් එහි ආරම්භක පිතිකරු උස්මාන් කවාජා ද්විත්ව ශතකයක් වාර්තා කළා.

කවාජා මෙම ද්විත්ව ශතකය වාර්තා කිරීමේ දී පන්දු 290ක් වැය කළ අතර ඊට හතරේ පහර 16ක් සහ හයේ පහරක් අන්තර්ගත වුණා.

මීට පෙර කවාජාගේ ටෙස්ට් දිවියේ වැඩිම ලකුණු සංඛාව ලෙස වාර්තා වී තිබුණේ ලකුණු 195 වන අතර ඔහු විසින් අද එම ලකුණු සීමාව පසු කර ගියා.

තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර මේවන විට ඔස්ට්‍රෙලියානු කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 462ක් රැස් කරගෙන ප්‍රබල ස්ථානයක පසුවනවා.

source :- https://tinyurl.com/mr45bkh8

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here