
මුල්ලේරියාව පොලිස් වසමේ උඩමුල්ල ප්‍රදේශයේදී හෙරොයින් 2kg 218gක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 41ක් වන මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
වැඩබලන පොලිස්පතිතුමාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලිසිය සිදුකරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් වලට අදාලව ඊයේ (28) අළුයම් කාලයේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති බව සඳහන්.

එහිදී එම ජාවාරමෙන් උපයාගත් බවට සැක කරන මුදල් රුපියල් 667,000/- ක්, ජංගම දුරකථන 03 ක් හා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට යොදාගත් කාර් රථයක්ද සොයා ගත් බවයි වාර්තා වෙන්නේ.
කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
source :- https://tinyurl.com/mspjzp97







