සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර තරග දෙකකින් සමන්විත වෝන්-මුරලි ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය අද(29) පැවැත්වෙනවා.

ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ධනංජයද සිල්වා විසින් මෙහෙයවනු ලබන අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායම ස්ටීව් ස්මිත් විසින් මෙහෙයවනු ලබනවා.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකගේ ආබාධ තත්වය සම්පූර්ණයෙන් සුව වී නොමැතිවීම හේතුවෙන් මෙම පලමු ටෙස්ට් තරගය ඔහුට අහිමි වී යනු ඇති.

අද උදෑසන 10.00 ට මෙම තරගය ආරම්භ වීමට නියමිතයි.

source :- https://tinyurl.com/2rweywnv

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here