පොලිස් මූලස්ථානයේ 119 හදිසි ඇමතුම් අංකයට ව්‍යාජ දුරකථන ඇමතුම් 12ක් ලබා දී, තිරප්පනේ පොලිසිය නොමග යැවීමට තැත් කළ පුද්ගලයෙකු විවෘත අධිකරණයේදී වරද පිළිගෙන තිබෙනවා.

ඒ එම සිදුවීමට අදාළ නඩුව අනුරාධපුර වැඩ බලන මහේස්ත්‍රාත් නදී ආකාස් කුරේරා ඉදිරියේ අද (28) කැඳවූ අවස්ථාවේදීයි.

චෝදනාවට සැකකරු වරද පිළිගැනීමෙන් අනතුරුව ඔහුට දඬුවම් නියම කිරීම ලබන මාර්තු මස 26 වන දිනට කල්තැබූ බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස 119 හදිසි ඇමතුම් අංකයට ව්‍යාජ ඇමතුම් ලබාදී තිබුණේ තිරප්පනේ – පෑතිස්රඹෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු විසින් සිය ප්‍රදේශයේ යම් අපරාධයක් වන බවට දන්වමින් ඇමතුම් 12 ක් ලබාදී ඇති අතර ඒ සම්බන්ධයෙන් තිරප්පනේ පොලිසිය විමර්ශන සිදුකර ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ ඒවා සියල්ල ව්‍යාජ ඇමතුම් බවටයි.

source :- https://tinyurl.com/mr4vhh5v

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here