
අනුරාධපුර, නුවර වැව ජල පවිත්‍රාගාරය පිරිසිදු කිරීම හා අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (29) පස්වරු 09.00 සිට අනිද්දා (30) පස්වරු 06.00 දක්වා පැය 21ක් කාලයක් සඳහා ප්‍රදේශයන් කිහිපයකට ජල සැපයුම අත් හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.
ඒ අනුව, අනුරාධපුර උතුර ජල සම්පාදන ක්‍රමය යටතේ, කලෑත්තෑව, නෙළුම්කන්නිය, තරියන්කුලම, ගල්කුලම, කවරක්කුලම, වන්නම්මඩුව, කුංචිකුලම, කුරුන්දන්කුලම, මාතලේ හන්දිය, සාලිය මාවත, තන්නායන් කුලම, යාපනය හන්දිය, බන්ඩාරපුලියන්කුලම, තෙප්පන්කුලම, ජයන්තිග්‍රාමය, සාලියපුර, මාන්කඩවල, ලිංගලපාර, කට්ටමාන්කුලම යන ප්‍රදේශත්,
මිහින්තලේ ජල සම්පාදන ක්‍රමය යටතේ, මිහින්තලේ ජල සම්පාදන ක්රමයේ කඳුවටාපාර, රුවන්ගම, වැල්ලමොරාන, තරියන්කුලම, පලුගස්වැව, සට්ටම්බිකුලම, අඹතලාගම, පොලිස් ගම්මානය, මහින්ද රාජපක්ෂ මාවත, කිරින්දේගම, කන්නට්ටිය, සහ කුරුන්දන්කුලම යන ප්‍රදේශත්,

අනුරාධපුර නව නගර ජල සම්පාදන ක්‍රමය යටතේ අනුරාධපුර 01 වන පියවර යන ප්‍රදේශ සඳහාත් ජල සැපයුම අත්හිටවනු ඇති.
source :- https://tinyurl.com/2cev7dee







