රතු කැකුළු සහල්වලට සුදු කැකුළු සහල් මිශ්‍ර කර අලෙවි කිරීමේ ජාවාරමක් ගැන තොරතුරු අනාවරණය වී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරනවා.

වෙළෙඳපොළේ පවතින රතු කැකුළු සහල් හිඟය හේතුවෙන් ඇතැම් ව්‍යාපාරිකයින් මෙසේ කටයුතු කර ඇති බවටයි එම අධිකාරිය පවසන්නේ.

එසේම මෙම ජාවාරම සම්බන්ධයෙන් මේ වනවිට එම අධිකාරියට පැමිණිලි රැසක් ලැබී ඇති බව ද සඳහන්.

මෙම ජාවාරම සම්බන්ධයෙන් වැටලීම් සිදුකරන ලෙස උපදෙස් ලබාදී ඇති බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ.

මේ අතර, එම අධිකාරිය මගින් සිදුකළ විශේෂ වැටලීම් කිහිපයක්‌ තුළ සහල් වැඩිමිලට විකිණීම සම්බන්ධ වැටලීම් 140කට අධික ප්‍රමාණයක් සිදුකර තිබෙනවා.

එසේම සති අන්ත හා රාත්‍රී කාලයේ ද වැටලීම් සිදුකරන ලෙසයි පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.

source :- https://tinyurl.com/57s9auee

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here