මාන්කුලම් ප්‍රදේශයේදී සුනඛයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග ප්‍රකාශ කළේ, සමාජ මාධ්‍යයේ සංසරණය වූ කඹයක් ආධාරයෙන් සුනඛයෙකුගේ ගෙල සිර කර ඝාතනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයට අදාළව මෙම කාන්තාව අත්අඩංගුවට ගත් බවයි.

48 හැවිරිදි එම කාන්තාව දණ්ඩ නීති සංග්‍රහය යටතේ සහ 1907 අංක 13 දරණ සත්ත්ව හිංසා වැළැක්වීමේ ආඥා පනත යටතේ අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවද ඔහු කියා සිටියා.

source :- https://tinyurl.com/56x4am2h

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here