කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි ගබඩාවක සිදු කරන ලද විශේෂ පරීක්ෂාවකදී මැන්චෙස්ටර් සන්නාමයේ සිගරට් 420,000 ක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගු ආදායම් කාර්ය සාධක බලකායට අනුයුක්ත නිලධාරීන්ට හැකි වී තිබෙනවා.

මෙම සිගරට් තොගය කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ගබඩා කර ඇති බැරල් 20 ක් තුළ ප්‍රවේශමෙන් සඟවා නීති විරෝධී ලෙස රටට ආනයනය කර ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ සඳහන් කළේ.

එමෙන්ම, නිවේදනයක් මගින් ඔහු සඳහන් කර ඇත්තේ, මෙම කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් බැරල් 20 එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් කළුතර ප්‍රදේශයේ සමාගමකට ආනයනය කර ඇති බවයි.

මෙලෙස අත් අඩංගුවට ගත් නීති විරෝධී සිගරට් ප්‍රමාණයේ වටිනාකම රුපියල් මිලියන 31.5ක් බවයි සඳහන්.

source :- https://tinyurl.com/5fcny4fd

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here