ගතවූ දින කිහිපයේ පහත වැටුණු ලෝක වෙළදපොලේ බොරතෙල් මිල අද (26) යළි සුළු ඉහළ යාමක් පෙන්නුම් කර තිබෙනවා.

ඒ අනුව, ඩබ්ලිව්. ටී. අයි. බොරතෙල් බැරලයක මිල ඩොලර් 74.46 ක් වන අතර, එය 0.05%කින් ඉහළ ගොස් තිබුණා.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 78.50 ක් වන අතර එය 0.27%කින් ඉහළ ගොස් තිබුණා.

මේ අතර 2025 දී චීනයේ බොරතෙල් අවශ්‍යතාව මිලියන 200 ට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇතැයි විශ්ලේෂකයන් මත පළකර තිබෙනවා.

ඉන්දියාවේ තෙල් ඉල්ලු‍මේ වර්ධනය 2024 දී චීනයේ වර්ධනය ඉක්මවා ගිය අතර 2025 දී ද එය දිගටම පවතිනු ඇති බවයි විශ්ලේෂකයන් පවසන්නේ.

චීනයේ ආර්ථික මන්දගාමිත්වය, වේගයෙන් වර්ධනය වන විදුලි වාහන අංශය සහ විදුලි වාහන සඳහා රජයේ සහනාධාර එරට තෙල් ඉල්ලු‍මට බලපෑම් කරමින් පවතින බව සඳහන්.

source :- https://tinyurl.com/4cdsuvpp

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here