
බි්‍රතාන්‍යයේ ඉන්දු පැසිෆික් කලාපය සඳහා වූ අමාත්‍ය කැතරින් වෙස්ට් මෙරට සංචාරයක නිරත වීමට නියමිතයි.
සාර්ව ආර්ථික වර්ධනය, දූෂණ විරෝධය, මානව හිමිකම් සහ ජාතික ප්‍රතිසංවිධානය ඇතුලු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙන්ම දෙරට අතර වෙළදාම් කටයුතු සඳහා සහය වන නව අපනයන වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් ඇයගේ නිළ සංචාරයේදී අවදානය යොමු වනු ඇති.
කැතරින් වෙස්ට් සිය සංචාරය තුළ අග්‍රාමාත්‍ය ආචාරිය හරිනි අමරසූරිය, අමාත්‍ය විජිත හේරත් ඇතුලු රජයේ ඉහළ පෙලේ නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවද බි්‍රතාන්‍යය තානාපති කාර්යාලය පවසනවා.

source :- https://tinyurl.com/4njfnvmx







