
ඵෙතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාවට එල්.ටී.ටී ඊ ත්‍රස්තවාදීන් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර අදට වසර 27 ක් ගත වනවා.
1998 අදවන් දිනක උදෑසන ශ්‍රී දළදා මාළිගය ඉලක්ක කර මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වුණා.
එදින එල්.ටී.ටී ඊ සාමාජිකයෙකු දළදා මාළිගාව ඇතුල්වීමට උත්සහ කර ඇති අතර එහි සිටි පොලිස් නිලධාරියෙකු විසින් ඔහුට වෙඩි තබා ඝාතනය කර තිබුණා.

කෙසේ වෙතත්, එම ස්ථානයේ තිබූ බෝම්බ සහිත ලොරි රථයක් පුපුරා යාමත් සමඟ දළදා මාළිගයේ ඉදිරිපිට පඩිපෙළ සහ සදකඩපහන ද විනාශ වී තිබෙනවා.
එහෙත් දළදා වහන්සේ වැඩසිටින මාළිගාවට සහ රන් වියනට කිසිදු හානියක් සිදු ව තිබුණේ නැහැ.
මෙම බෝම්බ ප්‍රහාර හේතුවෙන් අඩි 28 ක පමණ වළක් බෝම්බය පිපිරුණු ස්ථානයේ සෑදි තිබුණා.
ප්‍රහාරයෙන් 14 දෙනෙකු මිය ගිය අතර තවත් 28 දෙනෙකු තුවාල ලැබුවා.
source :- https://tinyurl.com/36ty4u8h







