අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිත ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වනව විටත් පෙරලිකාර තීන්දු රැසක් ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින බව වාර්තා වනවා.

සංක්‍රමණිකයින් සම්බන්ධ නීති මෙන්ම, ටික් ටෝක් යෙදවුම තහනම් කිරීමට අදාළ තීන්දු තීරණ ද ඊට ඇතුළත්.

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීමේ උත්සවය එරට වේලාවෙන් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අධික ශීත කාලගුණය හේතුවෙන් මෙවර දිවුරුම් දීමේ උත්සවය කැපිටල් ගොඩනැගිල්ල තුළදී පැවැත්වෙන අතර අමෙරිකානු ජනාධිපති පදවි ප්‍රාප්ති උත්සවයක් ගෘහස්ථව පැවැත්වෙන්නේ වසර 40කට පසුවයි.

සෑම සිව් වසරකටම වරක් පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණයෙන් තේරී පත්වන නව ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්ති උත්සවය පැවැත්වෙන්නේ ජනාධිපතිවරණ දිනයෙන් දින 75කට පසුවයි.

source :- https://tinyurl.com/3d8rh6uf

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here