දුම්රිය දෙපාර්තමේන්තුවේ ඔන්ලයින් මගින් නිකුත් කරන ටිකට් පත් වැඩි මිලකට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (20) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළා .

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබෙන බවයි සඳහන් වන්නේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කර තිබෙන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව මොබිටෙල් ආයතනය සමග ඔන්ලයින් මාර්ගයෙන් ටිකට් පත් අලෙවි කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව ඔන්ලයින් මාර්ගයෙන් කෙටි වේලාවක් තුළ ටිකට් පත් ලබාගෙන ඒවා වැඩි මිලකට අලෙවි කිරීමට කටයුතු කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය විසින් අධිකරණයට දැනුම් දුන්නා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වෙනවා.

source :- https://tinyurl.com/bdffymbh

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here