වරාය තුළ බහාලු‍ම් රථ ප්‍රමාණය අවම වීම හේතුවෙන් යළි දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුවී ඇති බව ලංකා වාප්පු සේවා සංගමය පවසනවා.

එහි සභාපති රංජිත් ලියනාරච්චි සඳහන් කළේ, බහාලු‍ම් නිෂ්කාශන ‍ප්‍රමාදය අවම කිරීමට නම් රේගු පරීක්ෂණ සඳහා නව අංගනයක් අවශ්‍ය බවයි.

කොළඹ වරායේ ආනයනික බහාලු‍ම් නිෂ්කාශන කටයුතුවල ‍ප්‍රමාදය හේතුවෙන් ඇති වූ දිගු බහාලු‍ම් පෝලිම් තවදුරටත් දක්නට ලැබෙනවා.

දින ගණනක් දිගු පෝලිම්වල රැඳී සිටින බහාලු‍ම් රථ රියැදුරන් චෝදනා කරන්නේ රේගුව පැය 24ම සේවා ලබා දෙන බව පැවසුවද එය නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවයි.

මේ අතර, බහාලු‍ම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය සඳහන් කරන්නේ මේ වන විට බහාලු‍ම් රථ රියැදුරන්ගේ ද හිඟයක් පවතින බවයි.

source :- https://tinyurl.com/5n7jpbv8

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here