ඉදිරියේ දී පාරිභෝගිකයන්ට සහල් අඩුමිලට ලබා දීමට හැකි බව සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති යූ.කේ සේමසිංහ මේ බව කියා සිටියේ අනුරාධපුරයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

මේ අතර මෙවර මහ කන්නයේ වී අස්වනු නෙළීම ආරම්භ වී ඇති පසුබිමක රජය තවමත් වී සඳහා සහතික මිලක් ප්‍රකාශයට පත් නොකිරීම හමුවේ තමන් ගැටලු‍ රැසකට මුහුණපා ඇති බව ගොවීන් පවසනවා.

ගොවීන් අවධාරණය කරන්නේ මහ කන්නයේ වී කිලෝවක් සඳහා අවම වශයෙන් රුපියල් 140ක සහතික මිලක් අනිවාර්යයෙන්ම ප්‍රකාශයට පත්කළ යුතු බවයි.

අම්පාර දිස්ත්‍රික්කයේ හුලන්නුගේ ,ලාහුගල, සෙන්ගමුව යන ප්‍රදේශවල වී අස්වනු නෙළීම ආරම්භ වී ඇති අතර සිය නිෂ්පාදන පිරිවැය අධික ලෙස ඉහළ ගොස් ඇති බවයි ගොවීන් පවසන්නේ.

source :- https://tinyurl.com/5n7ddek6

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here