
ඇමෙරිකාවේ ටික්ටොක් තහනම් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවකට අනුව මේ වන විට එම යෙදවුම ඇපල් සහ ගූගල් ආයතනවලින් ඉවත් කර ඇති බව විදෙස් වාර්තා පවසනවා.
ලොවපුරා අතිශයින් ප්‍රචලිත ටික්ටොක් සමාජ මාධ්‍ය යෙදවුම චීනයේ ‘බයිට් ඩාන්ස්‘ නම් තාක්ෂණික සමාගමට අයත්.
2012 වසරේදී නිර්මාණය කෙරුණු මෙම යෙදවුම ඉතාම කෙටි කලක් තුළ ලොව වඩාත් වේගවත්ම සමාජ මාධ්‍ය ජාලය ලෙස ප්‍රසිද්ධ වුණා.

ටික්ටොක් යෙදවුම සඳහා අන්තර්ගත නිර්මාණකරුවන් රාශියක් ලොවපුරා බිහිවූයේ ඊට වෙනමම කර්මාන්තයක් ලෝකයේ බිහිකරමින්.
මේ අතර ටික්ටොක් යෙදවුම හරහා චීනය අමෙරිකාවේ තොරතුරුවලට පිවිසෙන බවත්, එය අමෙරිකාවට තර්ජනයක් බවටත් එරට රජයේ ජාතික ආරක්ෂක බලධාරීන් චෝදනා කරනවා.
ඒ අනුව බයිට් ඩාන්ස් සමාගමට නියෝග කෙරුණේ එම යෙදවුම අමෙරිකානුවෙකුට අලෙවි කරන ලෙසටයි. නැතහොත් අද සිට එම යෙදවුම අමෙරිකාව තුළ තහනම් වනු ඇති බවටයි දැනුම් දී තිබුණේ.
ඒ අනුව අදාල සමාගම එම නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබූ අතර එය ප්‍රතික්ෂේප කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය සිය පූර්ව තීන්දුව තහවුරු කළා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මිලියන ගණනක් වූ අමෙරිකානු ටික්ටොක් පරිශීලකයන් සහ අන්තර්ගත නිර්මාණකරුවන් මෙම නියෝගය පිළිබඳ සිය කනස්සල්ල පළ කරන බවයි.
කෙසේ නමුත් මෙම නියෝගය ක්‍රියාත්මක කිරීම ට්‍රම්ප් පාලනයට භාරවනු ඇතැයි ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.
මේ අතර අමෙරිකාවේ තේරීපත් වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ටික්ටොක් යෙදවුම පිළිබඳ තීරණය තමා ඉදිරියේදී දැනුම් දෙන බවයි.
ටික්ටොක් යෙදවුම භාවිත කළ ඇමරිකානුවන් බොහෝ පිරිසක් චීනයට අයත් රෙඩ් නෝට් යෙදවුමට යොමු වී ඇති බව ද විදෙස් වාර්තාවල වැඩිදුරටත් සදහන්.
source :- https://tinyurl.com/y6zc4xpj








